FAST NEWS

24×7 Around the Globe

ලිංගිකව එක්වෙන තැන් හෙළි වෙයි…

ලිංගිකව එක්වීමට වඩාත් කැමති පොදු ස්ථානයන් පිළිබඳව බ්‍රිතාන්‍යය ආයතනයක් විසින් කළ සමීක්ෂණයකදී හෙළිවී ඇති තොරතුරු ඇතුලත් පුවත් වාර්තාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තාවන්ට අනුව හෙළිවී ඇත්තේ ප්‍රතිශතයක් ලෙස සියයට 16.8 ක පිරිසක් වඩාත් කැමැත්ත පළකර ඇත්තේ එළිමහනේ උද්‍යාන තුළ ලිංගිකව හැසිරීමට බවයි.

එම වාර්තාවේ පෙන්වා දී ඇත්තේ මෙම සමීක්ෂණය සඳහා කාන්තාවන් සහ පිරිමින් 2000 ක් පමණ යොදාගත් බවයි.

පළමුව නිදහස් උද්‍යාන තුළත් , දෙවනුව මුහුදු වෙරළෙ හා තෙවන ලෙස පොදු වැසිකිළි තුළ ලිංගිකව එක්වීමට බොහෝ පිරිසක් වඩාත් කැමැත්ත පළකර ඇති බව එම වාර්තාවන්ට අනුව හෙළිවී තිබේ.

අදාළ වාර්තාවේ දැක්වෙන අයුරින් මෝටර් රථගාල් තුළ නාන තටාක තුළ තැබෑරුම් තුළ මෙලෙස ලිංගිකව එක්වීමට වැඩි කැමැත්තක්ද පළකර තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් මනෝවෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ මෙලෙස නොගැලපෙන ස්ථාන වලදී අසභ්‍ය ලෙසින් හැසිරීමට කැමැත්තක් ඇතිවීමට අසභ්‍ය චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වීමද හේතුවන බවයි.