හිටිහැටියේ පුද්ගලයින් නින්දට වැටෙන ගම්මානයක් පිලිබදව අපට වාර්තා වූ අතර කසකස්තානයේ අක්මෝලාහි කලාවි නම් ප්‍රදේශයේ ඇති ගම්මානයේ වැසියන් මෙසේ නින්දට යාම සිදු කරනු ලැබේ.
මහමඟ, කඩපිල්, නිවස් වල තැනක් නොතැනක් නැතුව මේ අය නින්දට වැටෙන අතර එක් අයෙක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටින විටදීත් නින්දට ගොස් නින්දෙන් නැගිට ඇත්තේ දවස් 5කට පසුවය.
මේ හදිසි නින්ද ඒ ගම්මානයට බෝ වී ඇත්තේ 2013 වසරේදී වන අතර නින්දෙන් අවදි වූ පසු හිසේ කැක්කුම, ඔක්කාරය, අමතක වීම වැනි ගැටළු වලට මුහුණ දීමටත් ඔවුන්ට සිදුව තිබේ.
ගම්මානයේ වැසියන් 600 දෙනෙක්ගෙන් 120 දෙනෙකු මේ තත්ත්වයට ගොදුරුව ඇති අතර එම ගම්මානය අවට අහිතකර විකිරණ තත්ත්වයක් නොමැති බව පර්යේෂණ වලින් සොයාගෙන තිබේ.
එසේම නින්දට වැටුණු අයගේ නිවෙස් වල කාබන් මොනොක්සයිඩ් මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා 10 ගුණයකින් ඉහල තත්ත්වයක පවතින බව අනාවරණය වී ඇති අතර මේ හදිසි නින්දට හේතුව මේ තත්ත්වය ලෙසද සැකයක් පලව තිබේ.
ගම්මානය අවට පිහිටා ඇති සෝවියට් පාලන සමයේ යුරේනියම් පතල්ද මේ නින්දට හේතුවක් වෙතැයි හොයාගෙන ඇති අතර ඒ පතල් වසා දැමීමට දැනටමත් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ගම්මානයේ මිනිස්සු වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වෙමින් පවතින බවද වැඩිදුරටත් වාර්තා විය.