FAST NEWS

24×7 Around the Globe

ක්‍රිස් ගේල්ගෙන් විස්සයි 20 වාර්තාවක්…

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හා ලීග් ක්‍රිකට් පිටියේ විස්සයි20 තරග වලදී ලකුණු 10000ක් රැස්කළ ලෝකයේ පළමු ක්‍රීඩකයා බවට ක්‍රිස් ගේල් ඊයේ (18දා) වාර්තා අතරට එක්විය.

ඒ ඊයේ (18දා) ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 77ක් රැස්කිරීමත් සමගිනි. පන්දුවාර 20 තරග 290ට ක්‍රීඩා කරමින් ගේල් ලකුණු 10074ක් රැස්කර තිබේ.

එයට ශතක 18ක්, අර්ධ ශතක 61ක්, හතරේ පහර 769ක්, හයේ පහර 743ක් ඇතුළත්ය. ගෙල්ගේ ඉනිමක සාමාන්‍ය 40.62ක් ලෙස සටහන් වන අතර ඔහුගේ පන්දුවට පහරදීමේ වේගය 149.51කි.

විස්සයි20 පිටියේ ගේල්ට අමතරව ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ඇති ක්‍රීඩකයා වන්නේ නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්ය. ඔහු තරග 272කදී ලකුණු7596ක් රැස්කර තිබේ.