FAST NEWS

24×7 Around the Globe

සංගා ප්‍රමුඛ විශිෂ්ටයෝ 04 ක් ශූරයන්ගේ කුසලානයට කැඳවති..

එංලන්තයේදී ජුනි මාසයේදී ආරම්භවීමට නියමිත ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සම්බන්ධ කර ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරය සඳහා කුමාර් සංගක්කාර එක්වෙනු ඇත. ඔහුට අමතරව රිකී පොන්ටින්, බ්රෙන්ඩන් මැකලම්, ග්රෑහැම් ස්මීත් යන හිටපු නායකයන්ද මේ සඳහා තෝරා ගැනීමට අයි.සී.සී.ය කටයුතු කර ඇති බව වාර්තා වේ.

(ADS)