FAST NEWS

24×7 Around the Globe

email වෛරසයක් ඇවිත්..

ඊ-තැපෑලක (emails) ස්වරූපයෙන් මේ වනවිට පරිගණක වෛරසයක් අන්තර්ජාලයේ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවැසීය.

ඔබ වෙත ලැබෙන සැක සහිත ඊ-මේල් පණිවිඩ විවෘත කිරීමෙන් වැළකී සිටීම වඩාත්ම ආරක්ෂාකාරී පියවර බව සංසදයේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සදහන් කලේය.

මෙම වෛරසය රැන්සොම්වෙයාර් (Ransomware) වෛරසය ලෙස හඳුනාගෙන තිබෙන අතර, ඔබේ පරිගණකයට ලැබෙන ඊ-මේල් පණිවිඩයක ඇමුණුමක් (attachment) විවෘත කරන්නට යෑමේදී, එම පරිගණකය වෛරසයට ගොදුරු විය හැකි බව චන්ද්‍රගුප්ත මහතා පැවැසුවේය.

එසේම හෙතෙම වැඩිදුරටත් පැවැසූවේ පරිගණකය මෙම වෛරසයට ගොදුරු වුවහොත් පරිගණකයේ තිබෙන සියලු ලිපි ගොණු තොරතුරු දත්ත ජායාරූප ඊ-මේල් පණිවිඩ ආදී සමස්තයම යළි පරිශීලනය කිරීමට නොහැකි කේතයන් (encrypt) බවට පත්වන බවයි.

ප්‍රවෘත්ති, ශ්‍රව්‍ය දෘශ්‍යය පට, පීඩීෆ් ගොණු ආදී ලෙස තිබෙන ඕනෑම ඇමුණුමක් වශයෙන් ලැබෙන ව්‍යාජ ඊ-මේල් පණිවිඩයක් ඇතැම් විට මෙම වෛරසය විය හැකි බවද සංසදය පැවැසීය.

මේ වනවිට පරිගණක මෙම වෛරසයට ලක්වීම පිළිබදව පැමිණිලි කිහිපයක් ලැබී තිබෙන බවද සංසදය පවසන ලදි.