FAST NEWS

24×7 Around the Globe

අසංක ගුරුසිංහට ශ්‍රී ලංකා ක්‍රිකට් තවත් වගකීමක් පවරයි !

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සාමාජිකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරු වන අසංක ගුරුසිංහ එක් කිරීමට ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් තීරණය කොට ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ක්‍රිකට් කළමනාකරු ධුරයට අමතරව ඔහු ඉදිරියේදි තේරීම් කමිටු සාමාජිකයකු ලෙසද කටයුතු කරනු ඇති බව පැවසේ.

කෙසේ වුවත් සනත් ජයසූරියගේ සභාපති ධුරයෙන් සමන්විත ජාතික තේරීම් කමිටුවට අසංක ගුරුසිංහ එක්වීම නිසා මේ වන විට තේරීම් කමිටුව සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වී ඇත.

රොමේෂ් කළුවිතාරණ, රංජිත් මධුරසිංහ, එරික් උපශාන්ත ජාතික තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

(ADS)