FAST NEWS

24×7 Around the Globe

බහරේන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට..

බහරේනයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව වාර්තා වන අතර ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ තරග 5කන් සමන්විත සුහද තරගාවලියක් සඳහාය.

මෙම සුහද තරගාවලියෙන් අනතුරුව ඔවුන් අප්‍රේල් 22 – මැයි 01 දක්වා තායිලන්තයේ පැවැත්වීමට නියමිත ජගත් ලීග් තරගාවලියේ ආසියානු කොටස – ඛාණ්ඩ 01 (World Cricket League Asia Division One) තරගාවලියට සහභාගී වීමට නියමිතය.

අසීම් උල් හක් ගේ නායකත්වයෙන් යුක්ත බහරේන් ජාතික පිළට පකිස්තානු ජාතිකයන් 09 දෙනෙක්, බහරේන් ජාතිකයන් තිදෙනෙක් හා ශ්‍රී ලාංකික ජාතිකයන් දෙදෙනෙක්ද එක්ව සිටිති.

සාමාන්‍යයෙන් බහරේනයේ භාවිතා කරනුයේ matting wicket (ලණුපැදුරු) වන අතර බහරේන පිලට එරට දක්නට නොමැති turf wickets (තණකොළ සහිත තණතීරු) වලට පුරුදු වීමට ශ්‍රී ලංකා සංචාරය ඉවහල් වනු ඇති බව කණ්ඩායම් කළමනාකරු සයිඩ් රිස්වාන් ඛාන් පවසන ලදි.