FAST NEWS

24×7 Around the Globe

ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පත්වූ සංගා ඇතුළු තානාපතිවරු මෙන්න..

මෙවර පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස කුමාර් සංගක්කාර පත්කර තිබේ.

එම තරගාවලිය ලබන ජූනි මස 01 වැනිදා එංගලන්තයේදී ආරම්භ වේ.

අන්තර් ජාතික ක‍්‍රිකට් කවුන්සිලය විසින් ක‍්‍රීඩකයින් අට දෙනෙකු ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සන්නාම තානාපතිවරු ලෙස නම් කර තිබේ.

ඕස්ටෙ‍්‍රලියාවේ මයික් හසී, දකුණු අප‍්‍රිකාවේ ග‍්‍රෑන්ස් ස්මිත් , පකිස්තානයේ සියිඩ් අෆ්රිඩි, ඉන්දියාවේ හර්බජාන් සිං, එංගලන්තයේ ඉයන් බෙල් සහ බංග්ලාදේශයේ හබිබුල් බෂාර් මෙලෙස සන්නාම තානාපතිවරු ලෙස නම්කර තිබේ.

මෙම තරගාවලියට එක්වන්නේ අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ මුල් අට අතර සිටින කණ්ඩායම්ය.

ඒ අනූව බංග්ලාදේශය මෙම තරගාවලියට සුදුසුකම් ලබා සිටින අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර ශූරයින්ගේ කුසලානයට සහභාගි වීමට අවස්ථාව හිමිව නැත.