FAST NEWS

24×7 Around the Globe

බණ්ඩාරනායක පුතු නාමයෝජනා දෙයි..

හිටපු අග විනිසුරු ශිරානි බණ්ඩාරකායකගේ පුත් ශවීන් බණ්ඩාරකායක මෙවර මහ මැතිවරණයට තරග කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔහු ඒ සඳහා ස්වාධින කණ්ඩායමකින් කොළඹ නාමයෝජනා ලබාදී තිබෙනවා.

පසුගිය කාලයේ ශිරන්ති රාජපක්ෂ වෙත මෙම රජය බොරු චෝදනා එල්ලකරන බවට නාමල් රාජපක්ෂ මහතා විසින් ‍කනස්සල්ල පලකර ෆේස්බුක් සටහනක් යොදා තිබු විට ශවීන් බණ්ඩාරනායක තමන්ද රාජපක්ෂ පාලනය තුලදී  මෙවැනීම අත්දැකීම්වලට මුහුන දුන් බවද නාමල්ට පිළිතුරු දී තිබුණා.

එහිදී ඔහු පෙන්වා දී තිබුණේ තම මවට සිදු කළ කරදර ආදියයි.

ශවීන් බණ්ඩාරකායක මෙවර මහ මැතිවරණයට තරග කිරීමට පියවර ගැනීමත් සමග ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වෙනස් වන දේශපාලන සංස්කෘතියක් පිළිබඳව සිහි කැඳවා තිබෙනවා.

“ඔබටත් මටත් පවතින ක්‍රමයට වෙනස් වන දේශපාලන සංස්කෘතියක් ලැබිය යුතුයි. දක්ෂතාවයත්, හැකියාවත්, පිරිසිදු බවත් සපිරුනු මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවේ අපව නියෝජනය කල යුතුයි. මේ වෙනස ඔබ අප සදහා කල නොහැකිනම් අපගේ ඉදිරි පරම්පරාවට හෝ එය උරුම විය යුතුයි. අප ඉදිරියේ ඇත්තේ දීර්ඝ සහ අසීරු ගමනක්. නමුත් එය කොතැනකින් හෝ ආරම්භ විය යුතුයි. අපට අවශ්‍ය දේශපාලනඥයන් නොව, මහජන සේවකයන්. මේ ඒ ගමනේ ඇරඹුමයි!” යන ප්‍රකාශය ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනේ ඇතුළත්.

සමාගම් අධ්‍යක්ෂවරයකු වන ජයදේව ද සිල්වා මහතා ස්වාධීන කණ්ඩායමේ නායකත්වය දරන අතර අනෙකුත් අපේක්ෂකයන් විද්වත් වෘත්තිකයන්ගෙන් සමන්විතයි.