FAST NEWS

24×7 Around the Globe

ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක්..

ජර්මනියේ පාපන්දු කණ්ඩායමක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එරට පළමු පෙළ පාපන්දු කණ්ඩායමක් මොනැකෝ රාජ්‍ය සමඟ තරඟයකට සහභාගි වීමට යමින් සිටියදී ඔවුන් ගමන්ගත් බස් රථය ඉලක්ක කර ගනිමින් කුඩා ප්‍රමාණයේ පිපිරවීම් 3 ක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේය.

ප්‍රහාරයෙන් එක් පාපන්දු ක්‍රීඩකයෙකු තුවාල ලබා ඇති අතර ජර්මානු ආරක්ෂක නිලධාරින් පවසන්නේ පාපන්දු කණ්ඩායම ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බවට මේ වනවිට සනාථ කර ඇති බවයි.

කෙසේ වෙතත්, කුමන පාර්ශවයක් විසින් මෙම ප්‍රහාර එල්ල කළේ ද යන්න පිලිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත.