FAST NEWS

24×7 Around the Globe

උබර් මෘදුකාංගය තහනම්! – හේතුව මෙන්න..

අනවශ්‍ය තරගකාරීත්වයක් ඇතිවීම හේතුවෙන් උබර් මෘදුකාංගය (app) ස්මාර් වර්ගයේ ජංගම දුරකථන භාවිතයට තහනම් කරමින් ඉතාලි අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කලේය.

තහනම් නියෝගයට අනුව උබර් Black, Lux, Suv, X , XLSelect සහ Van යන මෘදුකාංග භාවිතය ඉතාලිය තුල භාවිතය සහ උබර් සේවාවන් ප්‍රචාරය කිරීම තහනම් වේ.

සාම්ප්‍රදායික ටැක්සි සංගමයන් විසින් නඩුව ගොනු කර ඇති අතර අධිකරණය ටැක්සි සංගමයන්ට පක්ෂග්‍රාහීව තීන්දුව ලබාදී ඇති බව පෙනෙන්නට ඇත.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බවත් තීන්දුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කරන බව ඉතාලි උබර් කාර්යාලය ප්‍රකාශ කරන ලදි.

(රොයිටර්)