FAST NEWS

24×7 Around the Globe

පුරුෂ ශුක්‍රාණු වල නිරෝගීබව දැනගන්න උපකරණයක්..

සිය ජංගම දුරකතනය හරහා තම පුරුෂ ශුක්‍රාණු වල නිරෝගීභාවය සහ සරුබාවය පිළිබඳව පරීක්ෂා කරගත හැකි උපකරණයක් නිෂ්පාදනය කිරීමට එංගලන්ත විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී තිබේ.

කුඩා උපකරණයකට ශුක්‍රාණු බිංදු කිහිපයක් තවරා එය ජංගම දුරකතනය හා සම්බන්ධ කළ පසු අදාල මෘදුකාංගය මගින් එය පියවරෙන් පියවර විශ්ලේෂනය කර සම්පූර්ණ වාර්තාවක් ඔබට ලබාදෙයි.

මෙම මෘදුකාංගයෙන් ලබාදෙන තොරතුරු 98%ක නිරවද්‍යතාවයකින් යුක්ත බව දැනට සිදුකර ඇති පරීක්ෂණ අනුව තහවුරු වී ඇති අතරම මෙමගින් පුරුෂයින් හට සිය ශුක්‍රාණු වල නිරෝගීතාවය හදුනා ගැනීම හරහා ඒවා දුර්වල නම් ප්‍රතිකර්ම ලබා ගැනීමට අවස්ථාවද ලැබෙනු ඇත.