FAST NEWS

24×7 Around the Globe

කිම්ගේ නිරුවත් වීඩියෝව ගැන කිම්ගෙන් ප්‍රකාශයක්..

ලොවම තම වසඟයට ගත් කිම් කාර්ඩිෂන් පිළිබඳව දිනෙන් දින පුවත් මැවෙන බව කවුරුත් දන්නා කරුණක් වන අතර මෙම පුවතත් වසර 10කට පමණ පෙර සිදුවූ සිදුවීමක හෙළිදරව් වීමක් පිළිබඳව වේ.

එනම් තමන්ගේ නිරුවත් වීඩියෝවක් අන්තර්ජාලයට එක්වන අවස්ථාවේ හැසිරුණු ආකාරය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට වසර 10කට පෙර ඇයගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් සිදුකරනු ලැබූ දෙයක් ලෙස මෙය අනාවරණය වන්නේ, ඇයගේ නිරුවත් වීඩියෝවක් Vivid Entertainment මගින් අන්තර්ජාලයට එක්කිරීම හා සම්බන්ධවය.

කිම් කාර්ඩිෂන්ගේ නිරුවත් වීඩියෝවක් Vivid Entertainment ආයතනය මගින් අන්තර්ජාලයට එක්කිරීම නිසා කිම් කාර්ඩිෂන් එම ආයතනය විරුද්ධව කටයුතු කර ඇති බවද සඳහන් වේ.

මෙහි නවතම ආරංචිය වන්නේ එම ආයතනය මෙම වීඩියෝව සඳහා කිම් කාර්ඩිෂන්ට මුදල් ගෙවූ බවත් හා අන්තර්ජාලය එක් කිරීමට එම ආයතනය විසින් කිම් කාර්ඩිෂන් හට ඇමෙරිකානු ඩොලර් මිලියන 05 ක් ගෙවු බවද සඳහන් වෙයි.‍

කිම්ගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝව අන්තර්ජාලයට එක්වන අවස්ථාවේ ඇය හිඳ ඇත්තේ ඔස්ට්‍රේලියාවේ බව සදහන්ය.

එසේම අදාළ වීඩියෝවේ සිටින්නේ තමන් නොවන බව ඇය විසින් ප්‍රථමයෙන් ප්‍රකාශකර ඇති අතර, එහිදී ඇය නිදොස් බවද සඳහන් කර ඇති බවට විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.