FAST NEWS

24×7 Around the Globe

සිරියා රසායනික අවි ප්‍රහාරයට එරෙහිව G7 එයි..

සිරියාව විසින් එල්ල කළේ යැයි කියන රසායනික අවි ප්‍රහාරයක් සම්බන්ධයෙන් එරටට එරෙහිව එක්ව නැගී සිටීමේ G7 කණ්ඩායමේ වැඩපිළිවෙළ ඊයේ (10දා) ඉතාලියේදී සාකච්ඡාවට බඳුන් වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම රටවල විදේශ අමාත්‍යවරුන් විසින් සිදුකරන මෙම සාකච්ඡාවේදී සිරියානු ජනපති බෂර් අල්-අසාද්ගෙන් රුසියාව වෙන්කිරීම සඳහා රුසියාව වෙත බලපෑමක් කිරීමද මූලික වී ඇති බව සඳහන්.

මේ අතර, සිරියාව සම්බන්ධයෙන් වූ ඇමෙරිකානු ප්‍රතිපත්තියේ පැහැදිලි බවක් ලබාගැනීමද G7 කණ්ඩායමේ අරමුණ වී තිබූ බව විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.

(ADS)