FAST NEWS

24×7 Around the Globe

සයිටම් එරෙහි අය ලිබියාවට යැවිය යුතු බව දොස්‌තර නෙවිල් කියයි..

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස උද්ඝෝෂණ කරන උදවිය රටේ නීතියට ගරු නොකරන නිසා ඔවුන් සිරියාව, ලිබියාව වැනි රටවලට යෑවිය යුතු යෑයි එම වෛද්‍ය විද්‍යාලයේ සභාපති දොස්‌තර නෙවිල් ප්‍රනාන්දු මහතා දිනපතා ප්‍රවෘත්ති පත්‍රයක් වෙත ප්‍රකාශ කර තිබේ.

“මේ රටේ අහිංසක දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා සයිටම් වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ මිලියන 1600 ක්‌ වැය කරලා. ඒ සඳහා බැංකු ණය පවා ගත්තා. සයිටම් විරෝධී පිරිස මේ විදියට කෑගහන්නේ ඊර්ෂ්‍යාවටයි. ඒ වගේම කුහකකම තියාගෙනයි. මේගොල්ලෝ කියන කියන පදයට නටන්න කවුරුත් සූදානම් නැහැ. ඒගොල්ලෝ මෙච්චර දඟලන්නේ ඇයි කියලා කාටත් තේරෙනවා. රටේ නීතියට පවා ගරු නොකරන මොවුන් සමාජයට මොනවද කරලා තියෙන්නේ. ඔවුන් දැනගන්න ඕනෑ මේ රටේ ආණ්‌ඩුවක්‌ තියෙනවා කියලා. ඒ වගේම රටේ නීතියක්‌ තියෙනවා.ඔය කෑගසන උදවියගේ වත්කම් සොයා බැලුවොත් මොනවා මොනවා හෙළිවෙයිද කියලා කියන්න බැහැ.”