FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මෛත‍්‍රීට සුපිරි සැප බෙන්ස් කාර් දෙකක්..!

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පාවිච්චිය වෙනුවෙන් රුපියල් හැට කෝටියකට ආසන්න වටිනාකමක් ඇති (574,270,099) සුඛෝපභා්ගී මර්සිඩීස් බෙන්ස් S600 (Customized Limited Edition) වර්ගයේ මෝටර් රථ දෙකක් ගෙනවා ඇති බව ජවිපෙ හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කරයි.

සැනට වරායේ ඇති මෙම රථ දෙක සදහා බදු සහන ලබා දෙන්නැයි ජනාධිපති ලේකම්වරයා විසින් රේගුවට කරන ඇති ලිඛිත ඉල්ලීමක පිටපත්ක්ද අදාල වෙබ් අඩවි වාර්තවේ දැක්වෙයි.

අදාල මෝටර් රථ දෙකෙහි සිදු කර ඇති විශේෂ වෙනස්කම් සදහා අධික මිලක්ද ගෙවා ඇති බවත් පුවතේ සදහන්ය.