FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ ගුවන් ප්‍රහාරයකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට..

සිරියාවේ – ඉඩ්ලිබ් ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිවිල් වැසියන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව එරට විපක්ෂය චෝදනා කරන ලදි.

බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන සිරියානු විපක්ෂ මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කළේ ළමයින් 5 දෙනෙකු ද ඒ අතර සිටින බවයි.

සිරියානු රජයේ හමුදා මගින් ඊයේ(08) සන්ධ්‍යා කාලයේදී මෙම ප්‍රහාර එල්ල කළ බවත්, එහිදී තවත් 22 දෙනෙකු තුවාල ලැබූ බවත් එමගින් පවසන ලදි.