ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩාවට දක්වන උනන්දුව නැතහොත් අරමුණ ඉහළ මට්ටමක පවතින බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා බංග්ලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ ක්‍රීඩා මාධ්‍යවේදීන් සමඟ පැවැති හමුවකදී පැවැසීය.
ස්වකීය මානසික ස්ථාවරත්වය රැක ගතහොත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද ජයගත හැකි වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේය.
එතුමා වැඩිදුරටත් පහත පරිදි අවධාරණය කරන ලදි..
“ලංකාවේ ක්‍රිකට් මේ විදියට පැවැතුණහොත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගයකදී බංගලාදේශ කණ්ඩායමටද පරාජය වනු ඇතැයි මම මීට වසර තුනකට පෙරදී පැවසුවා. එය අවසන් වූ තරගාවලියේදී සිදු වුණා. මේ වන විට බංගලාදේශ කණ්ඩායම ටෙස්ට් තරග අංශයෙන් ඉහළ ප්‍රවීණත්වයක් ලබා ගෙන තිබෙනවා. ඔවුන් බොහෝ අංශවලින් දියුණුවක්ද ලබා ගෙන තිබෙනවා. බංග්ලාදේශ කණ්ඩායමේ කැපවීමද ඉහළයි. 89 වසරේදී ක්‍රිකට් තරගාවලියකට බංගලාදේශයට ගිය විට අපිට පුළුවන් වුණා එහි ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කරන්න. අපිට පුළුවන් වුණා බංගලාදේශයේ ක්‍රිකට් දියුණුවට බොහෝ දේ ලබා දෙන්න. “ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔබේ පැවැත්ම රැක ගැනීමට නම් පාසල් මට්ටමට ක්‍රිකට් ක්‍රීඩාව ගෙනියන්න. කනිෂ්ඨ මට්ටමට ක්‍රිකට් ක්‍රීඩාව ගෙනියන්න…” යැයි මම බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ට පැවසුවා.
ඔවුන් මේ වනවිට එම කාර්යය සිදු කර ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජයග්‍රහණ විමසීමෙන් පෙනෙන්නට තියෙනවා. එහිදී බංග්ලාදේශ පුහුණුකරුවන් කළ සේවය විශිෂ්ටයි. එය වර්තමාන පුහුණුකරුට පමණක් සීමා වෙන්නේ නැහැ. පුහුණුකරුවකුට පැමිණි විගස වෙනසක් කිරීමට අපහසුයි. ශ්‍රී ලංකාවේ බොහෝ පුහුණුකරුවන් බංග්ලාදේශ කණ්ඩායමට සේවය ලබා දුන්නා.
ඒ වගේම අවධාරණය කළ යුතු කරුණක් තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දක්වන උනන්දුව වැඩියි. අවධානය වැඩියි. ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව කෙරහිම අරමුණු කරගෙන සිටිනවා. නමුත් අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩාව කෙරෙහි අරමුණු කරගෙන නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නෙත් නැහැ. නමුත් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය කෙටි සහ දිගුකාලීන ප්‍රතිඵල අපේක්ෂාවෙන් සාර්ථකව ක්‍රියා කරන බව පේන්න තියෙනවා. එය තමයි ජයග්‍රහණය සඳහා ක්‍රිකට් සැලැස්ම විය යුත්තේ.
බංග්ලාදේශ කණ්ඩායම පළමු තරගයේදී ක්‍රීඩා කළ ආකාරය සතුටුදායක නැහැ. නමුත් දෙවැනි ටෙස්ට් තරගයේදී ඔවුන් දක්ෂතා අතරට පැමිණියා. ඇත්තටම ක්‍රිකට් වශයෙන් ගත්විට ඔවුන්ගේ ප්‍රශ්නයක් නැහැ. බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් දක්ෂයි. තාක්ෂණය ඉහළින්ම තිබෙනවා. නමුත් මානසිකත්වය ස්ථාවර පවත්වා ගැනීම ගැන ඔවුන් මීට වඩා සිතිය යුතුයි. ක්‍රීඩාවේදී සියල්ල තීරණය වන්නේ මානසික ස්ථාවරත්වය නිසා තම ක්‍රීඩකයින්ගේ මානසිකත්වය නිවැරදි මඟකට යොමු කරන්න විශේෂයකුගේ සහාය බංග්ලාදේශ කණ්ඩායම ලබා ගත යුතුයි. එවැන්නක් කළහොත් බංග්ලාදේශ කණ්ඩායමට ලෝක කුසලානයක් දිනා ගැනීමට අපහසු වෙන්නේ නැහැ. දැන් තියෙන මට්ටමින් වුණත් ඔවුන්ට ඉදිරි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා පැමිණීමේ අවස්ථාව තියෙනවා.
අපි 96දී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තරග කරන කාලේ මම පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළේ පස්වැනි ස්ථානයේ. අරවින්ද 4වැනි ස්ථානයේ. ඉන්පසුව මම අංක 6ට ගියා. මහේල ජයවර්ධන පස්වැනි ස්ථානයට ගෙන ආවා. ඒ කියන්නේ මාත් අරවින්දටත් අතරට. එයින් අපි අපේක්ෂා කළේ මහේල ජයවර්ධනට සැහැල්ලුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න.
නමුත් පසුගිය වසර කිහිපයේදී එවැනි උපක්‍රම භාවිත කළේ නැහැ. කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් දෙවැනි, තුන්වැනි සහ සිව්වැනි ස්ථානවල දිගටම ක්‍රීඩා කළා. එයට මම ක්‍රීඩකයින්ට දොස් කියන්නේ නැහැ. මම දොස් කියන්නේ තේරුම් කමිටුවට. මට හිතෙන විදියට අද අපිට ඉන්න හොඳම පිතිකරුවන් වන්නේ තිරිමාන්න සහ චන්දිමාල්. නමුත් ඔවුන් ආරක්ෂා කර ගන්න වැඩපිළිවෙලක් නැහැ. අඩුම ගණනේ පසුගිය වසර කිහිපයේදී චන්දිමාල් ජාතික කණ්ඩායමේ ස්ථීර සාමාජිකයෙක් වුණේ නැහැ.
අපි එදා සනත් ජයසූරිය ආරක්ෂා කර ගන්න විශාල වශයෙන් උත්සාහ දැරුවා. නමුත් සනත් ජයසූරිය තේරුම් කමිටු සභාපති ලෙස තරුණ ක්‍රීඩකයින් ආරක්ෂා කරගැනීමට එවැන්නක් සිදු කරන බවට පේන්න නැහැ…..” යැයිද එම මාධ්‍ය හමුවේදී අර්ජුන රණතුංග අමාත්‍යතුමා පැවැසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.