FAST NEWS

24×7 Around the Globe

සිංහල අලුත් අවුරුද්දට ගෙදර ඉන්න විමල්ට ඇප ලැබිලා…

ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව පවතින සියලු චෝදනා සිංහල අලුත් අවුරුද්දට පෙර ගොනු කර අවසන් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ නීති අංශවලට උපදෙස්‌ දී ඇත.

වීරවංශ මහතා සම්බන්ධයෙන් පවතින චෝදනා පදනම් කරගනිමින් ඇප ලබාදීමට විරුද්ධ නොවන ලෙසද අගමැතිවරයා නීති අංශ වෙත උපදෙස්‌ දී තිබේ.

වීරවංශ මහතාට ඇප ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිවරයා ගෙන් අවස්‌ථා ගණනාවකදී ඉල්ලීම් කර ඇති අතර මන්ත්‍රීවරයා රිමාන්ඩ් භාරයේ තැබීමට රජයට කිසි අවශ්‍යතාවයක්‌ නැතැයි ද අගමැතිවරයා එහිදී පවසා ඇත.

ඒ අනුව සිංහල අලුත් අවුරුද්දට පෙර විමල් වීරවංශට ඇප ලබාදීමට හැකිවන පසුබිම රජයේ නීති අංශ විසින් සැකසෙන බව රජයේ ජ්‍යෙෂ්ඨයෙක්‌ පැවැසීය.