හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, ඔහුගේ බාල පුතු සහ ඔහුගේ පෙම්වතිය දරුවෙක් සුරතල් කරන ඡායාරූප කිහිපයක් පසුගියදා අන්තර්ජාලයෙන් පුවත් මවන්නක් බවට පත්ව තිබුණි.
සමාජයේද මේ පිළිබඳව විවිධ කටකතා පැතිර තිබෙන අතර මෙසේ සුරතල් කරන දරුවා කාගෙද යන්න සැමටම මේ වන විට ප්‍රශ්නයක් වී ඇත.
රෝහිත රාජපක්ෂ තම පෙම්වතිය සමග අන්තර්ජාලයේ ඇති බොහෝ ඡායාරූපවල මෙම දරුවාද සමඟ සිටින අතර මෙම ඡායාරූපවලට බොහෝ දෙනා අදහස් දක්වා ඇත්තේ මේ දරුවා රෝහිතගේ දරුවෙකු යැයි සිතමින්ය.
කෙසේවෙතත් මෙම දරුවා රෝහිත රාජපක්ෂගේ නොවන බවත්, එම දරුවා ඔවුගේ පවුලට සමීප කෙනෙකුගේ දරුවෙකු බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග අනුව වාර්තා වේ.












