FAST NEWS

24×7 Around the Globe

සිරියානු රජයේ කඳවුරකට ඇමෙරිකාවෙන් මීසයිල ප්‍රහාරයක්..

පසුගියදා සිරියාවට එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට පෙරළා පහරදීමක් වශයෙන් ඇමෙරිකාව සිරියානු රජයේ කඳවුරක් ඉලක්ක කරමින් ගුවනින් ටොම්හෝක් වර්ගයේ කෘස් මිසයිල 50-60 ක් පමණ එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නියෝග පිරිදි සිරියානු රජයේ ගුවන් හමුදා කඳවුරකට ඇමෙරිකානු යුද නැව්වල සිට ප්‍රහාර එල්ල කර ඇති බවද සඳහන්.

එසේම අදාළ කඳවුර තුළ පසුගියදා සිදුකල රසායනික අවි ප්‍රහාරයට යොදාගත් බව කියන ගුවන් යානා කිහිපයක් තිබි ඇති බවද පැවසේ.

(ADS)