FAST NEWS

24×7 Around the Globe

හතුරුගේ ක්‍රිකට් දැනුම හා ශ්‍රී ලංකා පුහුණුකාරීත්වය දීම ගැන ගුරු කියයි..

බංගලාදේශ කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ බංග්ලාදේශ කණ්ඩායම දක්වන දක්‍ෂතා පිළිබඳ පුදුම නොවිය යුතු බව ඊයේ (07) දෙරට අතර පැවැති දෙවැනි විස්සයි 20 තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදි ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකරු වු  අසංක ගුරුසිංහ මහතා පවසා සිටියේය.

එසේම ඔහුගේ පුහුණුකාරිත්වය පිළිබඳ ලාංකිකයෙක් හා යාළුවෙක් විදිහට සතුටුවෙන බවත් හෙතෙම  සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අසංක ගුරුසිංහ මහතා,“චන්දික හතුරුසිංහ කියන පුද්ගලයා ගැන මම ඉස්සෙල්ලම දැනගත්තේ 1986 වසරේ. මම අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන කාලේ ඉඳන් මම දැනගත්තා එයාගෙ  ක්‍රිකට් දැනුම. මට කිසිම පුදුමයක් නෙමෙයි එයා මේ කරලා තියෙන දේ. මම සතුටුවෙනවා තව ලාංකිකයෙක් හා යාළුවෙක් විදියට බංග්ලාදේශ කණ්ඩායමත් සමග එයා කරන දේ. මම හිතන්නේ එයාගෙ වසර කිහිපයක කැපවීමේ ප්‍රතිඵලයක් කණ්ඩායම මේ ඉන්න තත්ත්වය. හතුරුට මෙතනින් එහාට මේ කණ්ඩායම ගෙනියන්න තියෙනවා 2019 ලෝක කුසලාන තරගාවලිය වෙනකම්. එයා හොඳ සේවයක් බංග්ලාදේශ ක්‍රිකට් වෙනුවෙන් කරනවා ” යනුවෙන් පවසා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් හතුරුසිංහ මහතාගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා දැයි මෙම මාධ්‍ය සාකච්චාවේදී ගුරුසිංහ මහතාගෙන් මාධ්‍ය විමසා සිටියේය.

“හරි අමාරුයි ඒක කියන්න. වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් මහතා සමගද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2019 තෙක් ගිවිසුම් ගතව ඉන්නේ. හතුරුසිංහද 2019 තෙක් බංග්ලාදේශය සමග ගිවිසුම් ගතව ඉන්නේ. හතුරු මට කියූ විදියට එයා 2019 ලෝක කුසලානය වෙනකම් ඉන්නවා. කොහොමත් අපටත් බැහැ එහෙම කරන්න, අපේ පුහුණුකරුගෙත් තියෙනවා ගිවිසුමක්. මම හිතන්නේ නැනැ අපි දෙගොල්ලොම ඒ ගැන කථාකරයි කියලා. කෙසේ නමුත් ඉතින් එයා කවදහරි දවසක ලංකාවට ආවොත්, අපට හොඳ ස්ථානයකට යන්න පුළුවන් වෙයි”

(ADS)