FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක මිස්බා විශ්‍රාම ගැනීමට තීරණය කරයි…

දැනට ටෙස්ට් ක්‍රීඩා කරන කණ්ඩායම්වල වයස් ගත ක්‍රීඩකයා වන පාකිස්තානයේ මිස්බා උල් හක් ටෙස්ට් ක්‍රිකට් තරගවලින් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.

වයස අවුරුදු 42 ක් වන මිස්බා, 2015 වසරේදී එක්දින හා 20-20 ක්‍රිකට් තරගවලින් සමුගත් අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියෙන් පසුව විශ්‍රාම ගැනීමට නියමිතය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙහි පළමු තරගය අප්‍රේල් 21 ආරම්භ වේ.