FAST NEWS

24×7 Around the Globe

ඩෙබී සුළි කුණාටුව නවසීලන්තය දෙසට- දරුණු ගංවතුර තත්වයක්..

ඩෙබී සුළි කුණාටුව මේ වන විට නවසීලන්තය දෙසට ගමන් කරන හෙයින් වසර 500කට පමණ පසුව නවසීලන්තයට බලපා ඇති දරුණු ගංවතුර තත්වයක් ඇතිව තිබේ.

නවසීලනත්යේ උතුරු දූපතට ඩෙබී සුළි කුණාටුව බලපෑම් කරමින් තිබෙන අතර දින දෙකක් පුරාවට පැවැති වර්ෂාව හේතුවෙන් උතුරු දූපතේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යටව තිබේ.

එසේම නවසීලන්තයේ එඩ්ගෙකුම්බේ නගරට සුළි කුණාටුවෙන් දැඩි බලපෑමක් ඇතිවී ඇති බව වාර්තා වූ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් කිසිවෙකුත් ජීවිතක්ෂයට පත්ව නොමැත.

කෙසේ වෙතත් එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව විදෙස් මාධ්‍යය තොරතුරු වාර්තා කරන ලදි.