FAST NEWS

24×7 Around the Globe

මෝටාසාගෙන් පසුව හිස්වන විස්සයි20 නායකත්වය හොඳම ක්‍රීඩකයෙකුට..

මශ්රෆී මෝටාසා විස්සයි 20 තරග රටාවේ සහභාගිවන අවසන් තරගය අද (06) ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ඔහුගෙන් හිස්වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි20 නායකත්වය කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ශකිබ් අල් හසන්ට හිමිවීමට නියමිත බව වාර්තා වෙයි.

ඔහු නායකත්වය සඳහා දැනට කණ්ඩායමේ සිටින හොඳම ක්‍රීඩකයා බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානයටද ලක්ව ඇත.