FAST NEWS

24×7 Around the Globe

දරුවන් ලැබීමට නොහැකි වූ කතක් සහකරුට දුන් අපූරු උපදෙස මෙන්න..

තම දියණිය දුෂණය කරන ලෙස තම සහකරුට පැවසූ කාන්තාවක් පිළිබඳව හදවත් කම්පා කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන් වන අතර අදාල කාන්තාව සහ පුරුෂයා 30 හැවිරිදි වියේ පසුවන බවට එම වාර්තාවේ දැක්වේ.

එම දියණිය 12 හැවිරිදි වියේ පසුවන අතර කාන්තාව විසින් සහකරුට දියණිය දූෂණය කරන ලෙසට අනුබල දුන් බවට අධිකරණයේදී හෙළිවී තිබේ.

තමන්ට තවත් දරුවන් ලැබීමට නොහැකි බැවින් තම දියණිය හරහා දරුවෙක් ලබාගැනීමට මෙම කාන්තාව මෙලෙස තම සහකරුට දියණිය දූෂණය කරන ලෙස අනුබලදී තිබේ.

කරුණු සලකා බැලූ එරට අධිකරණය විසින් පසුව එම කාන්තාවට වසර 6 ක සිරදඬුවමක් නියම කර ඇති අතර අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ සහකරු බවට සඳහන් පිරිමි පුද්ගලයාට වසර 18 ක සිරදඬුවම් නියම කර ඇති බවය.