සංචාරක බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරඟයේ උණුසුම මෙතෙක් පහව ගොස් නැත්තේ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් ඊයේ(04) තරඟය අතරතුර සයිටම් විරෝධී පුවරු කිහිපයක් ප්‍රර්ශණය කිරීම නිසාය.
මේ පිළිබඳව මේ වන විට ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි වල දැඩි කතා බහක් ඇතිවෙමින් පවතී.
මේ අතර ඊයේ(04) තරඟයේදී වූ තවත් සිදුවීමක් පිළිබඳ සමාජ ජාලා වෙබ් අඩවි වල කතා බහක් ඇතිවූ අතර ඒ ඊයේ තරඟය නැරඹීමට පැමිණි තරුණියක් විස්තර විචාරක රසල් ආනල්ඩ්ට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරමින් පුවරුවක් ප්‍රදර්ශණය කිරීම හේතුවෙනි.
එහිදී සෙසු විචාරකයින් මෙන්ම රසල් ආනල්ඩ්ට සිනාමුසු මුහුණින් මීට ප්‍රතිචාර දක්වනු දක්නට ලැබිණ.
කෙසේ වෙතත් තරඟයෙන් අනතුරුව සිය ටිව්ටර් ගිණුමට සිය පවුලේ ජායාරූපයක් එක්කරමින් රසල් කියා තිබුණේ තවත් තරඟයකින් පසුව සිය පවුල සමග එක්ව කාලය ගත කිරීමට ලැබීම සතුටක් බවය.
කෙසේ නමුත් රසල්ගේ මෙම ජායාරූපයට අදහස් ද දක්විමින් ඇතැමුන් විහිලුවට මෙන් විමසා සිටියේ තරුණියගේ යෝජනාව නිසා මෙම ඡායාරූපය පළ කළේද යනුවෙනි.
‘රසල් පාස්වර්ඩ් සේරම වයිෆ් ළඟද‘ යැයි තවත් ට්විටර් පරිශීලකයෙකු රසල්ගෙන් විමසා තිබුණේ සැවොම සිනා සයුරේ ගිල්වමිනි.












