FAST NEWS

24×7 Around the Globe

ඉන්ෆ්ලුවන්සා වෛරසය හා සාප්පු සවාරි යෑම අතර සම්බන්ධයක්…

මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවන්සා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට අවශ්‍යනම් සාප්පු සවාරි නොයන ලෙස වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර මහත්මිය ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

ඇය කියා ඇත්තේ විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්, කුඩා දරුවන් හා නිදන්ගත රෝගවලින් පීඩා විඳින්නන්ට               ( දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ) මෙම වෛරසය පහසුවෙන් ආසාදනය වන බැවින් වඩාත් කල්පනාකාරී වන ලෙසයි.

මෙම වෛරසය ඕනෑම ස්ථානයක තිබිය හැකි බැවින් සබන් ගා නිතරම අත් පිරිසිදුව තබා ගැනීම අවශ්‍යවන අතර මුහුණ හා කට අපිරිසිදු අත්වලින් පිස දැමීමෙන් හා ඇල්ලීමෙන් මෙම වෛරසය පහසුවෙන් ස්වසන මාර්ගයට ඇතුළුවිය හැකි බවද ඇය පෙන්වා දී තිබේ.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට ගම්බිම් බලායන පිරිස ඉතා අධික බැවින් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, නිදන්ගත රෝගවලින් පීඩා විඳින්නන් හා වයස්ගත පුද්ගලයින් එම පිරිස අතරට නොයා විකල්ප ක්‍රමයක් ලෙස එනම් අවුරුදු තදබදයට පෙර ගම්බිම් බලා යාම වඩාත් උචිත බවද විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් පවසා තිබේ.