FAST NEWS

24×7 Around the Globe

ඩයලොග් සමාගමෙන් ස්කයිප් වලට සමාන අලුත් සේවාවක්..

ශ්‍රී ලංකාවේ ඩයලොග් ආසියාටා සමාගම විසින් නව සේවයක් හඳුන්වාදීමට කටයුතු කරන බව වාර්තා වේ.

ස්කයිප් සේවයට සමාන සේවාවක් වන මෙය Voice-over-Long Term Evolution (VoLTE) ලෙස හැඳින්වෙන අතර, එය ඩයලොග් සමාගමට අයත් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය ඔස්සේ ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත්, මෙම සේවාව ලබාගත හැක්කේ සැම්සුන් JD හා J7 යන උපාංග වලින් පමණි.

සැම්සුන් සමාගම හා එක්ව නවතම තාක්ෂණය උපයෝගී කරගෙන ශ්‍රී ලාංකීය ජනතාව වෙත මෙම සේවාව ලබාදීමට හැකිවීම සම්බන්ධව ඉතා සතුටු වන බව ඩයලොග් ආසියාටා සමාගමේ ජංගම විද්‍යුත් සන්නිවේදන ව්‍යාපාර ප්‍රධානී අසංග ප්‍රියදර්ශන මහතා පැවැසීය.