අත්ලාන්තික් සාගරයේදී ගිලී ගිය ‘ස්ටේලා ඩේසි’ නම් දකුණු කොරියානු නැවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් සොයාගැනීම තරමක ප්රගතියක් අත්කරගෙන ඇති බව ගලවාගැනීමේ කණ්ඩායම් පවසන ලදි.
පසුගිය සිකුරාදා සාගරය මැද බිදීගිය ‘ස්ටේලා ඩේසි’ නම්වූ නෞකාවේ කාර්ය මණ්ඩලයෙන් දෙදෙනෙකු පමණක් මේ වනවිට බේරාගෙන ඇතැයි බීබීසීය පවසනු ලැබීය.
අනතුරුව මේ දක්වා හමුවී ඇත්තේ ඉහිරීගිය ඉන්ධන, සුන්බුන් හා හිස් ජීවිතාරක්ෂක බෝට්ටු කිහිපයක් පමණක් බව දකුණු කොරියානු රජය යෝන්හැප් පුවත් ආයතනයට පවසා ඇති අතර මෙම නැවේ කාර්ය මණ්ඩලයට 24දෙනෙක් ඇතුළත්කොට තිබී ඇති බව සදහන්ය.
රොයිටර් පුවත් සේවය සමග අදහස් දක්වමින් උරුගුවේ නාවික හමුදා ප්රකාශක ගස්ටන් ජෞන්සොලෝ පවසා ඇත්තේ “කාලය වැඩි වැඩියෙන් ගතවීමෙන් ඔවුන් සොයාගැනීමට ඇති ඉඩකට අඩුවනවා” යනුවෙනි.
දකුණු කොරියාවේ පොලරිස් ෂිපින් ආයතනයට අයත්, මාර්ෂල් දිවයින් ධජය යටතේ යාත්රා කළ එම සුවිසල් නැව බ්රසීලයේ සිට චීනය දක්වා යකඩ අඩංගු ලෝහ පස් ටොන් 260,000ක් ප්රවාහනය කරමින් තිබුණි.
පසුගිය සෙනසුරාදා දිවි බේරාගත් පිලිපීන නාවිකයින් දෙදෙනා උරුගුවේ බලධාරීන්ට දන්වා ඇත්තේ, නැව තුළට ජලය කාන්දුවන අතර නැව බිදී යන බවට එහි කපිතාන්වරයා කාර්ය මණ්ඩලයට අනතුරු ඇඟවූ බවය.
එහෙත් ‘ස්ටේලාර් ඩේසි’ නැව මෙවැනි අසීරු තත්වයකට පත්වුයේ ඇයිද යන්න පැහැදිලි නැති බව කී උරුගුවේ නාවික හමුදා ප්රකාශකවරයා, “එය යාත්රා කරන්නට අසීරු දවසක් වී තිබුනේ නැහැ” නැතැයි පවසා තිබේ.