මද සරු භාවයෙන් පෙළෙන රජයේ සේවයේ නියුතු කාන්තාවන්ට වසරක නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ.
එසේ තීරණය කොට ඇත්තේ 2017 වසරේ ජනවාරි පළමුවනදා සිට බලාත්මක වන පරිදි නිකුත්කරන ලද චක්‍රලේඛයක් මගිනි.
මද සරු භාවයෙන් පෙළෙන රජයේ සේවිකාවක් වේනම්, විශේෂඥ වෛද්‍යවරයකුගේ නිර්දේශය අනුව වසරක කාලයක් වැටුප් රහිත නිවාඩු මේ මගින් හිමිවනු ඇත.










