FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශ නායක මෂ්රෆි මොටාෂාට ICC යෙන් තහනමක් සමග දඩයක්..

බංගලාදේශ එක්දින කණ්ඩායාම් නායක මෂ්රෆි මොටාෂා හට එක්දින තරගයක තහනමක් පැනවීමට හා මුදලින් සීයයට 40ක දඩයක්ද පැනවීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින කි‍්‍රකට් තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ලබා ගැනීම හේතුවෙන් මොටාෂාට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කර ඇත.

එසේම ඔහු එක්දින තරග දෙකකදී මෙම චෝදනාවට ලක්වීම හේතුවෙන් තරගයක තහනමක් පැනවීමට තිරණය කර ඇති බව  අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ පළමු විස්ස විස්ස තරගය  හෙට (04) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

(ADS)