FAST NEWS

24×7 Around the Globe

මුම්බායි ඉන්දියන්ස්ලගෙන් මාලිංග ඇතුළු ක්‍රීඩකයෝ 3දෙනෙකුට උපහාර…

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ප්‍රධාන කණ්ඩායමක් බවට පත්ව තිබෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම එහි සුවිශේෂී ක්‍රීඩකයන් 3 දෙනෙකුට උපහාර දැක්වීමට තීරණය කර තිබේ.

ආරම්භයේ පටන් මුම්බායි ඉන්දියනස් කණ්ඩායමේ සාමාජිකයන් වූ ක්‍රීඩකයන් 3 දෙනෙකුට මෙහිදී උපහාර පිරිනැමීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග, ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් හා හර්බජාන් සිං එම ක්‍රීඩකයෝ වෙති.

එසේම මුම්බායිහි පිහිටා ඇති මුකේෂ් හා නිටා අම්බානිගේ නිවසේදී මෙම උපහාර උත්සවය පැවැත්වෙන අතර එයට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටද ආරාධනා කර තිබේ.

අනිල් කුම්බ්ලේ,ෂෝන් පොලොක්, සනත් ජයසූරිය, රිකී පොන්ටින් යන ක්‍රීඩකයන්ට මෙහිදී ආරාධනා කර ඇති අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ නිලධාරීන්, මුම්බායි ක්‍රිකට් සංගමයේ නිලධාරීන්, බොලිවුඩයේ නළු නිළියන් කිහිප දෙනෙකුටද මෙම උත්සවයට ආරාධනා කර තිබේ.