FAST NEWS

24×7 Around the Globe

චිත්‍රයකට සල්මාන් විශාල මුදලක් ඉල්ලයි- හේතුව මෙන්න.. (ඡායාරූප)

සල්මන් අතිශය දක්ෂ චිත්‍ර ශිල්පියෙක් බව බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධ කරුණක් බවට පත්ව නොමැති අතර මොහු සිය හැකියාව විනෝදාංශයක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ.

තමන් විසින් අඳිනු ලබන චිත්‍ර බොහෝ අවස්ථාවලදී තෑගි වශයෙන් සිය හිත මිතුරන්ට ලබා දීමට පුරුදු වී සිටි බවද සදහන් වන අතර සල්මන් ඛාන් විසින් නිර්මාණය කරන ලද සිතුවමක් ඉන්දීය රුපියල් ලක්ෂ 20 කට මිලදී ගැනීමට ව්‍යාපාරිකයෙකු කැමැත්ත පල කර ඇති බවටද වාර්තා විය.

කෙසේ වෙතත් සල්මන් මේ චිත්‍රයට බොහෝ සෙයින් ඇලුම් කිරීම හේතුවෙන් ලක්ෂ 20ට වඩා වැඩි මුදලක් ඔහු විසින් ඉල්ලා ඇති බව සදහන්ය.

ඒ අනුව සල්මන් එම චිත්‍රය සදහා නියම කර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටියක් වන අතර එම මුදල ගෙවා අදාල ව්‍යාපාරිකයා විසින්  එම චිත්‍රය ලබා ගෙන ඇති බවට වාර්තා වේ.

සල්මන් ඛාන් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ මෙම මුදල තමන් විසින් පවත්වාගෙන යන ‘Being Human’ නම් සමාජ සත්කාර අරමුදලට ලබා දෙන බවය.

සල්මන් ඛාන් විසින් අඳින ලද චිත්‍ර කිහිපයක් පහතින්..