FAST NEWS

24×7 Around the Globe

ලංකාව පුරා තවත් අලුත් උණක් පැතිරේ..

මේ දිනවල ලංකාව පුරා පැතිරෙන ඩෙංගු රෝගය හා ඉන්ෆ්ලූවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් උණ රෝගයට සමගාමීව දිවයින පුරා තවත් වෛරස් උණ රෝගයක් පැතිර යන බවත් එම රෝගය ඩෙංගු හෝ ඉන්ෆ්ලූවෙන්සාවෙන් වෙන්කර හඳුනාගත යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.

අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සදහන් කරන්නේ වරින්වර පැනනගින තද උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස මෙම රෝගයේ ලක්ෂණ බවත් හා ඒ රෝග තත්ව වැළදී ඇති රෝගීන් වහාම වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගත යුතු බවත්ය.

කුඩා දරුවන්, ගර්භණී කාන්තාවන්, වයස් ගත පුද්ගලයන් සහ ප්‍රතිශක්තීකරණය අඩු අය මෙම රෝගයට දැඩිව ගොදුරු වන අතර සතියක පමණ කාලයක් තිස්සේ මෙම රෝග තත්වය පැවතිය හැකිය.