FAST NEWS

24×7 Around the Globe

කාන්තාවන්ට වාහන පැදවීම තහනම් වෙයි..

කාන්තාවන්ට මෝටර් රථ ධාවන කිරීම සදහා ඉඩ ලබාදෙන ලෙස ඉදිරිපත්කර තිබු ඉල්ලීම සෞදි සුරා සභාව ප්‍රතික්ෂේප කර ඇත.

අදාල තීරණය සම්බන්ධයෙන් සුරා සභාවේ නිල ප්‍රකාශක ආචාර්‍ය මොහොමඩ් බින් අබ්දුල්ලා අල්-මෙහාන නිවේදනයක් නිකුත් කල අතර එම නිවේදනයට සමාජජාල වෙබ් අඩවිවල විශාල ප්‍රසිද්ධියක්ද ලැබී ඇත.

ලබාදුන් තීරණය සම්බන්ධයෙන් කිසිදු මාධ්‍ය ප්‍රකාශයක් සුරා සභාවේ සභාපති ආචාර්‍ය ෂයික් අබ්දුල්ලා බින් මොහාමඩ් එබ්‍රාහිම් අල්-ෂයික් නිකුත් කර නොමැති බව නිල ප්‍රකාශකයා සදහන් කර සිටි අතර සමාජජාල වෙබ් අඩවිවලින් එල්ල කරන ලද පදනම් විරහිත ප්‍රකාශ සම්බන්ධයෙන් ඔහු විමතිය පල කලේය.

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)