FAST NEWS

24×7 Around the Globe

හැරී පෝටර් පෙම්වතිය සමගින් මංගල මුදු ගැනීමට යයි… (ඡායාරූප)

ඩැනියල් රැඩ්ක්ලිෆ් යනු හැරී පෝටර් කතා මාලාවේ ප්‍රධාන නළුවා මෙන්ම ව්‍යාපාරිකයෙක් විදියට ලොව සුපතල අයෙක්ද වේ.

ඩැනියල්  දැඩි මත් ලෝලීයෙක් වීම ගැන ප්‍රසිද්ධ නොවුවත් මේ වන විට ඔහු එයින් මිදීමට බොහෝ උත්සහයන් ගන්න බව වාර්තා වූ අතර එසේ ඔහු එයින් ඈත් වන්නේ සිය ප්‍රේමය වෙනුවෙන් නිසා  බවද පැවසේ.

එසේම ඩැනියෙල් පෙමින් වෙළි සිටින්නේ තමන්ට වඩා අවුරුදු 5ක් පමණ වැඩිමහල් එරින් ඩාක් නම් ජනප්‍රිය නිළියත් සමගින් වන අතර මේ පෙම් කතාවට මේ වන විට වසර 5ක් ගතවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.

මෑතකදී ඔහු ඇයට විවාහ යෝජනාවක් සිදු කර ඇති අතර එරින් විසින් එය පිළිගෙන පසුව විවාහ ගිවිස ගැනීම නිමිත්තෙන් මංගල මුදු මිලදී ගැනිමට මේ පෙම්වතුන් දෙපළ ස්වර්ණාභරණ තේරීමේ සවාරියක යෙදුණ බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්ය.

ඩැනියල්ගේ ළගම හිතවතුන් පවසන පරිදි ඩැනියල්ගේ සහ එරින්ගේ විවාහ ගිවිස ගැනීම ළගදීම සිදුවි හැකිය.

Related image

Related image

Related image

Image result for harry potter and girlfriend