FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ රුවෙන් ආ ශ්‍රි ලංකා පොදු ජන පක්ෂයට විශිෂ්ඨ ජයක්…

ආණමඩුව විවිධ සේවා සමුපකාරයට කාරක සභිකයින් 198 දෙනෙකු තෝරා පත් කර ගැනිමේ ඡන්ද විමසිමේදී  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය සභිකයින් 180 දෙනෙකු පත්කරගනිමින් විශීෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනිමට සමත් විය.

ආණමඩුව විවිධ සේවා සමුපකාර ප්‍රාදේශීක 22 ක් අතරින් කාරක සභිකයින් පත්කර ගැනිම සඳහා එම ඡන්දය පැවැත්වුණ අතර එහිදි මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිතව ශ්‍රි ලංකා පොදු ජන පක්ෂයේ කණ්ඩායම තරඟ කළේය.

එසේම එජාප කණ්ඩායම කාරක සභිකයන් 18 දෙනෙකු පත් කරගැනීමට සමත් විය.