FAST NEWS

24×7 Around the Globe

ඔබාමාගේ පාරසරික ප්‍රතිපත්ති ට්‍රම්ප් බැහැර කරයි..

හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් අනුගමනය කළ කාලගුණ හා දේශගුණ විපර්යාස පාලනය සම්බන්ධයෙන් හඳුන්වා දුන් නීති රීති අහෝසි කිරීමට වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව විධායක නියෝගයකට අත්සන් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔබාමා පාලන කාලය තුළ ගල් අඟුරු ආශ්‍රිත නිෂ්පාදනයන් අවම කිරීමට කටයුතු කර තිබූ අතර මෙමඟින් ඇති වූ ගල් අඟුරු ලබාගැනීමේ ගැටලුවට සහ රැකියා අහිමි වීමේ රෙගුලාසිවලට විසඳුම් ලබාදීමට ක්‍රියා කරන බව ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඔබාමා විසින් පවනවන ලද නීති රීති අහෝසි කිරීම මඟින් එරට තුළ පොසිල ඉන්ධන භාවිතය දිරිගැන්වීමටද කටයුතු කර ඇතැයි පැවැසේ.

ඇමෙරිකාවේ ව්‍යාපාරික ප්‍රජාව විසින් ජනාධිපති ට්‍රම්ප්ගේ නව පියවර පැසසුමට ලක් කර  ඇති අතර කෙසේ වෙතත් එම ක්‍රියාව එරට පරිසරවේදීන්ගේ අප්‍රසාදයට හේතු වී ඇතැයිද වාර්තා පෙන්වා දෙයි.

(ADS)