FAST NEWS

24×7 Around the Globe

මෙවර සිංහල අවුරුදු නැකත්වල තදබල දෝෂ…!

නැකත් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙවර සිංහල අවුරුදු නැකත්වල තදබල දෝෂ ඇති බවත් එය රටට, ජනතාවට ඉතාම අහිතකර බලපෑම් ඇති කරන බවත් ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදීහූ රැසක්‌ ප්‍රකාශ කර තිබේ.

එසේ ප්‍රකාශ කර ඇත්තේ කොළඹ 07, පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ ඊයේ (29) පැවති ජ්‍යොතිෂ සම්මන්ත්‍රණයකදීය.

රජය වහාම මෙය නිවැරදි කළ යුතු බවත් එසේ නොවුණහොත් එහි අනිටු ප්‍රතිඵල සමස්‌ත ජනතාවටම විඳින්නට සිදු වන බවත් ඔවුහු පෙන්වා දී තිබේ.

එක්‌සත් ජ්‍යොතිෂවේදී පෙරමුණ මඟින් සංවිධානය කර තිබූ මෙම සම්මන්ත්‍රණයට ආචාර්ය ඊ. එම්. ගුණපාල, ආචාර්ය පියසේන රතුවිතාන, ම. ලි. සුගතදාස, හර්ෂ ධර්මප්‍රිය, මීගොඩ ධර්මසේන, චමත් කොතලාවල, රෝහණ ගමගේ, රහත් ගාමිණී ලියනාරච්චි ආදී ප්‍රවීණ ජ්‍යොතිෂවේදීහු රැසක්‌ සහභාගි වී තිබේ.