FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ උපවාසය අත්හැරීමට හේතු වූ මහානායක හිමිවරුන්ගේ ලිපිය මෙන්න..

රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පෙමසිරි මහනාහිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිත සිරි අනුනාහිමි ඇතුළු මහා සංඝරත්නයේ ඉල්ලීම් පරිදි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පුරා දින 09ක් තිස්සේ ගෙන ගිය සිය උපවාස ක‍්‍රියාමාර්ගය අත්හැරීමට එකග විය.

දක්‍ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය අද(30) ජාතික රෝහලේ වාට්ටු අංක 45හි රඳවා සිටින විමල් වීරවංශ මහතාට සෙත් පිරිත් සජ්ඣායනය කිරීමෙන් අනතුරුව ඉහත කී මහානාහිමිවරුන්ගේ ඉල්ලීම් රැගත් ලිපි භාර දුන්හ.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකවරු වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් වන උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන ඇතුළු මහජන නියෝජතයෝ පිරිසක් ද එක්ව සිටියහ.

මහානායක හිමිවරුන් විසින් යොමුකරන ලද ලිපි දෙක පහත පරිදි වේ..