FAST NEWS

24×7 Around the Globe

කතකගේ ස්කෑන් පරීක්ෂණය මුවාවෙන් නිරුවත වීඩියෝ කල හැටී…

වකුගඩු රෝගයෙන් පෙළෙන හතළිස් හය හැවිරිදී මවක් ස්කෑන් පරීක්ෂණයක් කරගැනීමට මහනුවර නගරයේ පිහිටි පෞද්ගලික රෝහලකට ගිය අවස්ථාවේදී ස්කෑන් කාමරය තුළදී රෙදි කඩකින්දෑස් බැද ජංගම දුරකථනයකින් ඇගේ ශරීරයේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ගතකළ එහි විකිරණ ශිල්පියෙකු මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මගින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.

දෑස් බැද මද වේලාවක් ගතවන විට සැකසිතූ මෙම කාන්තාව දෑස් ලිහා බැලූ විට සිද්ධිය තහවුරු වී ඇති අතර එහිදී විකිරණ ශිල්පියා දිව යෑමේදී අදාල තැනැත්තා සමග කළ පොරබැදීමකදී තුවාල ලද කාන්තාව ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහලට අතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගැණුනු ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එම කාන්තාවගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ එහි ඇති බවට පොලීසිය විසින් තහවුරු කරගෙන ඇති අතර මෙයට අමතරව තවත් නිරුවත් වීඩියෝ හා ඡායාරූපද එහි තිබී ඇත.

සැකකරු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.