FAST NEWS

24×7 Around the Globe

බලය බෙදන්න රනිල් කල්පනා කරයි- හේතුව මෙන්න..

රට නොබෙදා බලය බෙදීම සදහා රටේ සියළු පාර්ශවයන් කැමැත්ත දක්වන බව මරදානේදී පැවති උත්සව සභාවක් අමතමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

පළාත් සභාවන්හි බලතල වැඩිකිරීමට සියළු මහ ඇමතිවරුන්ද ඉල්ලා තිබුනත් රට බෙදීමට අවශ්‍ය බවත් ඔවුන් කිසිවෙකු කියා නැති බවත් අගමැතිවරයා එහිදී පැවසීය.

ජාතික සංහිදියාව ඇති කිරීමට නම් රට නොබෙදා බලය බෙදන ආකාරය ගැන කල්පනා කල යුතු බවද පැවසූ ඔහු කිසිවෙකු රට බෙදන්නැයි නොඉල්ලන බවත් ඒකීය භාවය ශක්තිමත් කිරීමට බලය බෙදා හැර විවිධ ප්‍රදේශවල ජනතාවට තම වැඩකටයුතු කිරීමටත් තම ආගම ඇදහීමටත් අවස්ථාව දිය යුතු යැයිද වැඩි දුරටත් සදහන් කලේය.