එළිසබත් රැජිණගේ රුව සහිත දැවැන්ත ප්රමාණයේ රත්රං කාසියක් සොරකම් කර ඇති බව වාර්තා වේ.
ජර්මනියේ බර්ලින් නුවර බෝඩි කෞතුකාගාරයේ තිබූ ඩොලර් මිලියන 4 ක විනාකමකින් යුත් “big maple leaf” ලෙස හදුන්වා ඇති මෙම කාසිය කැරට් 24 රත්රං වලින් නිර්මාණය කර ඇති අතර එහි බර කිලෝග්රෑම් 100 ක් බව සදහන්ය.
මෙම දැවැන්ත කාසියට ඩොලර් මිලියනයක වටිනාකමක් එක් කර ඇති බව වාර්තා වූ අතර පසුගිය සදුදා රාත්රී කාලයේදී මෙම සොරකම සිදුව ඇති බව ආරක්ෂක අංශ සැක කරන බවද පැවසේ.
කෞතුකාගාරයේ අනතුරු ඇගවීමේ සංඥා ක්රියා විරහිත කොට මීටර් භාගයක් පමණ පළලින් යුතු හා විශාල බරකින් යුක්ත මෙම කාසිය සොරුන් විසින් රැගෙන ගියේ කෙසේදැයි තවමත් අනාවරණය වී නොමැත.
ඡායාරූප පහතින්..












