FAST NEWS

24×7 Around the Globe

සංචාරය අවලංගු කිරීම ගැන රැජිනිකාන්ත් ලිපියකින් කියූ දේ…

තම ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීම පිළිබඳ දකුණු ඉන්දිය සුපිරි නළු රැජිනිකාන්ත් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත ලිපියක් යොමුකර තිබේ.

යාපනය ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවාස ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වීමේ අරමුණින් ලබන අප්‍රේල් මස 09 වැනිදා මෙරට සංචාරයක නිරත වීමට රැජිනි කාන්ත්  තීරණය කර තිබූ අතර තමිල්නාඩු දේශපාලන පක්ෂවල බලපෑම් හේතුවෙන් සිය සංචාරය අවලංගු කිරීමට ඔහුට සිදුවිය.

කෙසේනමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වෙත ලිපියක් යොමුකර ඇති රැජිනිකාන්ත් ප්‍රකාශ කර ඇත්තේ සුදුසු කාලය පැමිණි විට මෙම හමුව සිදුවනු ඇති බවය.

ශ්‍රී  ලාංකික දෙමළ ජනතාව තමන්ට දක්වන ආදරයට ස්තූතිය පළ කරන බව පවසා ඇති රැජිනිකාන්ත් තමන් ඔවුන්ගේ යහපත නිරන්තරයෙන් අපේක්ෂා කරන බව ද සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.