FAST NEWS

24×7 Around the Globe

යුරෝපයෙන් වෙන් වීමට තෙරේසා අත්සන් තබයි..

මහා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීම නිල වශයෙන් ආරම්භ කෙරෙන බ්‍රෙක්සිට් ලියවිල්ලට බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ අද (29දා) අත්සන් තබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

එ අනුව අත්සන් තබන ලද නිල ලියවිල්ල යුරෝපා සංගමයේ බ්‍රිතාන්‍ය තානාපති ටිම් බැරොව් වෙත ලබාදීමෙන් අනතුරුව එය යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් වෙත පසුව ලබාදීමට නියමිතව ඇත.

පසුගිය වසරේ ජූනි මාසයේදී පැවති ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුය යන මතය බහුතර ජනතාව විසින් ප්‍රකාශයට පත්කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හිටපු අගමැති ඩේවිඩ් කැමරන්ට සිය ධුරය පවා අත්හැර දැමීමට සිදුවිය.

(ADS)