FAST NEWS

24×7 Around the Globe

බීමත් රියැදුරන් අල්ලන නවතම යන්ත්‍රය මෙන්න…

ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම වතාවට බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා නව බේරතලයිසර් යන්ත්‍රයක් හඳුන්වා දී ඇතැයි පොලිස් මූලස්ථානය පැවැසීය.

බීමත්ව රිය පදවන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන මෙහෙයුම් අතර රියැදුරන් බීමත්ව සිටීද යන්න පරීක්ෂා කරන ප්‍රශ්වාස විශ්ලේෂණ පරීක්ෂණ වාර්තා ලබා ගැනීම වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට මින් හැකියාවක් ඇති බවද පොලිසිය පවසන ලදි.

මේ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය පිළිබඳ රථවාහන නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් හෙට(30) කොළඹ 11, ඕල්කොට් මාවත පිහිටි නියෝජ්‍ය පොලිස්පති සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.