FAST NEWS

24×7 Around the Globe

ලෝකයෙන් වඳවී යන ව්‍යාඝ්‍ර විශේෂයක් සොයා ගැනෙයි…

ලෝකයෙන් වඳවී යෑමට ආසන්නව පවතින ඉන්දුචීන ව්‍යාඝ්‍රයන්ගේ නව ගහනයක් සොයා ගැනීමට නැගෙනහිර තායිලන්තයේදී පරිසර සංරක්ෂකයන්ට හැකිව තිබේ.

ලෝකයේම මෙවැනි වර්ගයේ ව්‍යාඝ්‍රයන් 250ට අඩු සංඛ්‍යාවක් ජිවත් වෙන බවද පරිසර සංරක්ෂකයෝ පෙන්වා දී ඇති අතර නැගෙනහිර තායිලන්තයේ ජාතික වනෝද්‍යානයක සවිකර තිබූ කැමරා කිහිපයක ඉන්දුචීන ව්‍යාඝ්‍රයන් 6 දෙනෙකුගේ පමණ දර්ශණ පටිගත වී තිබේ.

තායිලන්තයේ අනවසර දඩයම් සඳහා වැට බැඳීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙවැනි ව්‍යාඝ්‍රයන්ගේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවද පරිසර සංරක්ෂකයෝ සඳහන් කරන ලදි.

මීට ශතවර්ශයකට පමණ ඉහතදී ලෝකය පුරා විවිධ වර්ගවලට අයත් ව්‍යාඝ්‍රයන් 100,000ක් පමණ ජීවත් වුවත් අද වන විට එය 3900ක් පමණ දක්වා අඩුවී තිබේ.

ඡායාරූප පහතින්..

_95366981_tiger2 copy

2 copy

3

Capture copy

බී.බී.සී. ඇසුරෙනි..