FAST NEWS

24×7 Around the Globe

විමල් සේලයින් ගන්න ගමන් ඉල්ලීමකුත් ප්‍රතික්ෂේප කරලා…

උපවාස කරමින් සිටියදී බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(29) අටවන දිනටත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ.

මේ හේතුව නිසා වීරවංශ මහතාට සේලයින් දීම දිගටම සිදු කරන බවද රෝහල් ආරංචි මාර්ග පවසන අතර මන්ත්‍රීවරයා මේ වන විට ජලය පමණක් පානය කරන බවත් දියර ආහාර පවා කිසිවක් නොගන්නා බවත් වාර්තා විය.

එසේම බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කල වහාම ජාතික රෝහලට මන්ත්‍රීවරයා ගෙන යාම සදහා බන්ධනාගාර නිලධාරීන් සූදානමින් සිටිති.

තමාට ඇප ලබා නොදීම නිසා තව දුරටත් බන්ධනාගාරය තුළ උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් එම උපවාසය නතර කරන ලෙස බන්ධනාගාර නිලධාරීන් ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලීම තරයේම ප්‍රතික්‍ෂේප කර ඇත.