FAST NEWS

24×7 Around the Globe

උපවාසය අතරතුර විමල්ගේ ජීවිතය හා අන්තර්ජාල මියයෑම ගැන ප්‍රකාශයක්..

 

වැලිකඩ බන්ධනාගාරයේ සිට උපවාසයක් ආරම්භ කර ඇති ජාතික නිදහ්ස පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා උපවාසය අතරතුරදී මිය ගොස් ඇති බවට ඇතැම් අන්තර්ජාල වෙබ් අඩවි හා සමාජ ජාලා ගිණුම් ඔස්සේ සිදු කරන ප‍්‍රචාරයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

මන්ත‍්‍රීවරයාගේ ජීවිතයට අවදානමක් ඇති බව සැබෑ මුත් මේ වන විටත් ඔහු ජීවත්ව සිටින්නේ යැයිද සදහන් කරන එම පක්‍ෂ ප‍්‍රකාශකයා කියා සිටියේ දේශපාලන හතුරන් විසින් කරනු ලබන ඒ ආකාරයේ පහත් ප‍්‍රචාරයන් දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින බවයි.